තමන් යළි කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපු කථානායක කරු ජයසූරිය සාධාරණ සමාජයක් ජාතික ව්‍යාපාරය පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී ප්‍රකාශ කර ඇත.
කොළඹ ජානකී හෝටලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.
සාකච්ඡාවට සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ක්‍රියාකාරීන්, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයෝ මෙන්ම සමාජ ක්‍රියාකාරීහු රැසක් ද එක්ව සිටියහ.
රජය විසින් ගනු ලබන ඇතැම් වැරැදි තීන්දු සම්බන්ධයෙන් පොදු වේදිකාවක දී ජනතාව දැනුම්වත් කිරීමට මෙහි දී යෝජනා කර ඇත.
ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ සිවිල් සංවිධානවලට ආරාධනා කරන බව පැවැසූ හිටපු කථානායකවරයා තමන් යළි කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව ද අවධාරණය කර ඇත.
කරූ ජයසූරිය මේ වන විට 80 හැවිරිදි වියේ පසුවන අතර නැවත ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2025 වසරේ දී ය. මහා මැතිවරණය පැවැත්වෙන්නේ 2026 වසරේ දී ය. ඒ වන විට කරූ ජයසූරියට වයස අවුරුදු 85කි.