ලංකාවේ පුද්ගල නීති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා….! මුස්ලිම් නීතිය පමණක් වෙනස් කළ යුතු නෑ….! – අධිකරණ ඇමැති….

February 12, 2021 at 2:05 pm | by emanisa.lk

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි අද (12) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ය.

ස්ථාවර නියෝග 2/27 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඊයේ (11) ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේය.

මුස්ලිම් විවාහ නීති රීති වෙනස් කිරීමට දැන් කාලය එළඹ ඇතැයි පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා කටයුතු කරගෙන යන බව ද අවම විවාහ වයස 18ක් විය යුතු බව සහ කාන්තාවන් කාතිවරුන් වශයෙන් කටයුතු කිරීමට හැකි බව, මුස්ලිම් කාන්තාවන් ද විවාහ වන විට අත්සන් කළ යුතුය යන යෝජනා ඉදිරිපත් කර ඇති බවත් එම සංශෝධන කිරීම සඳහා විශේෂ උපදේශන කාරක සභාවක් පත් කර ඇති බව ද සඳහන් කළේය.

මුස්ලිම් නීතියට අනුව පොඩි දරුවන් කැමැත්තෙන් තොරව විවාහ කරදීම සම්බන්ධයෙන් ද සිදු කළ ප්‍රකාශය වැරදි බව පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රායෝගිකව එසේ සිදු නොවන බවත් එය අවශ්‍ය නම් සාකච්ඡා කර සංශෝධනය කර වෙනස් කර ගත හැකි බව ද අමාත්‍යවරයා කීය.

එහෙත් මෙය සටහන් පාඨයක් හෝ ටැග් ලයිනයක් බවට පත් කර ආගමික නායකයන්ට පහර ගසමින් ජාතීන් අතර විරසකභාවයක් ඇති කර නොකළ යුතු යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙරට ජීවත් වන සෑම ජන කොටසකට ම නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසයි.

පුද්ගල නීතිය සම්බන්ධයෙන් වන නීති සහ පනත් රාශියක් මෙරට ක්‍රියාත්මක වන බවත් විදේශ රටවල ද මෙසේ ක්‍රියාත්මක වන බව පැවසූ අමාත්‍යවරයා මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීම නොකළ යුතු බව ද පැහැදිළි කළේය.

අද වන විට සෞදි අරාබියේ පවා විවාහ වීමේ වයස 18ක් දක්වා සශෝධනය වී ඇතැයිද අමාත්‍යවරයා කී අධිකරණ අමාත්‍යවරයා මෙම නීති කාලයෙන් කාලයට වෙනස් වීම සිදු විය යුතු බව පෙන්වා දුන්නේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස