විකුණා දැමූ හම්බන්තොට වරාය චීනාට ධන උල්පතක් වෙයි….! කොරෝනා මැද කාර් විතරක් ලක්ෂ 04ක් ප්‍රති-අපනයනය කරල…!

January 3, 2021 at 8:31 am | by emanisa.lk

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය ආරම්භයේ සිට දෙසැම්බර් මස අවසානය දක්වා හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් මෝටර් රථ ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රති-අපනයනය කර ඇත.

කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැය විසිහතර පුරා මෙහෙයුම් සිදු කළ අතර මෝටර් රථ තුන් ලක්ෂ අසූ නව දහසක් ප්‍රති-අපනයනය කළ බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය පෞද්ගලික සමාගම ප්‍රකාශ කරයි.

වැඩිම මෝටර් රථ සංඛ්‍යාවක් ප්‍රතිඅපනයනය කර ඇත්තේ දෙසැම්බර් මාසයේය. එම සංඛ්‍යාව හතළිස් දහස ඉක්මවයි. ඉන්දියාවේ නිෂ්පාදනය කරන මෝටර් රථ නෞකා මගින් හම්බන්තොට වරායට ගෙනවිත් දින තිහකට ආසන්න කාලයක් රඳවා යළි දකුණු අප්‍රිකාව හා අරාබිකරයේ රටවලට ප්‍රති-අපනයනය කර ඇත.

ඉන්දියාවේ මෝටර් රථ නිෂ්පාදන ගාල් කර තැබීම සඳහා වරාය භූමිවල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා ඉන්දියාව හම්බන්තොට වරාය මෝටර් රථ ගාල් කිරීම සඳහා තෝරා ගෙන ඇත. මෙම මෝටර් රථ ගාල් කිරීමෙන් සහ ප්‍රති-අපනයනය කිරීමෙන් විශාල ලාභයක් 2020 වසරේ දී ලබාගත් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය පෞද්ගලික සමාගම සඳහන් කරයි.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වුවද ගෑස් බහලුම් මෙහෙයුම් ඇතුළු තව මෙහෙයුම් රැසක් ද හම්බන්තොට ජාත්‍යන්තර වරායේ 2020 වසරේ දී සිදු කර ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *