225ම එපා කියලා ජනතාව ගොනාට අන්දන අය කරන්නේ දේශපාලන කොන්ත්‍රාත්තුවක්! – විපක්ෂ නායක

May 23, 2019 at 10:14 pm | by admin

රටේ නායකත්වයට දේශපාලනඥයෙක් මෙන්ම 225ම එපා යැයි කියමින් ජනතාව ගොනාට ඇන්දීමට උත්සාහ කරන පුද්ගලයන් ඉටු කරන්නේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

ජනතාව මුලා කරමින් බටහිර න්‍යාය පත්‍රවලට අනුව ඇතැම් පුද්ගලයන් බලයට ගෙන ඒම සඳහා මෙම පිරිස කටයුතු කරන බවට හෙතෙම චෝදනා කරයි.

දේශපාලකයකු නොවන පුද්ගලයකු යැයි කියා තෝරා ගන්නා පුද්ගලයා ද අවසානයේ කරන්නේ දේශපාලනය බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස