22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජාතික ජන බලවේග විධායක කමිටු සාමාජික නීතීඥ ලාල් විජේනායක සහ ඔහුද නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වෙන වෙනම පෙත්සම් දෙකක් ගොනුකර තිබේ.
අදාළ සංශෝධනය සඳහා ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ලාල් විජේනායක එම පෙත්සමෙන් ඉල්ලා තිබේ.
ලාල් විජේනායක පවසන්නේ, 22 වන සංශෝධනයට විරුද්ධ සටන හුදෙක් ආණ්ඩුව හා විපක්ෂය අතර සටනක් නොව ශිෂ්ට සමාජයක ශිෂ්ට සම්පන්න ලෙස ජීවත් වීමේ පුරවැසි අයිතිය මතු පරපුරට ඉතිරි කරන්නේද නැද්ද යන්න පිළිබඳ සටනක් බවයි.
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය සිය පෙත්සමින් ඉල්ලා ඇත්තේ 22 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් එය ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.