22න් ජනපති බලතල අඩුකරන්න 2/3ක් සහ ජනමත විචාරණයක් ඕන.! – මනෝහර ද සිල්වා…

August 23, 2022 at 7:00 am | by emanisa.lk

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවත් එමගින් ජනතාවගේ පරමාධිපත්‍යයට හානියක් වන බවත් ජනාධිපති නිතීඥ මනෝහරද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවසයි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එය විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු නවදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 09 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (22) විභාගයට ගත්තේය.

එහි දී මෙහි පෙත්සම්කාර පාර්ශ්වයක් වන කර්නල් සුමේධ අමරසිංහ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නිතීඥ මනෝහර ද සිල්වා එසේ ප්‍රකාශ කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැණීනි.

වෛද්‍ය ගුණදාස අමරසේකර, කර්නල් සුමේධ අමරසිංහ, විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු, නීතීඥ නුවන් බෙල්ලන්තුඩාවේ සහ සබරගමු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්.එස්. කුමාර ඇතුළු නව දෙනකු මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇති අතර මෙහි වගඋත්තරකරු ලෙස නම්කර ඇත්තේ නීතිපතිවරයාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *