22ට එරෙහි පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ල සාධාරණ නෑ… ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් අතහැරලා… තමන්ගේ නඩුව තමන් අහනවා…! – චන්දන සිරිමල්වත්ත…

September 1, 2026 at 9:35 am | by emanisa.lk

22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා විනිසුරු මඩුල්ල පත්කළ ආකාරයෙහි විනිවිදභාවයක් නොමැති බව මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත පවසයි.

“ලංකාවේ ගොඩගැසී ඇති ලක්ෂයකට අධික නඩුවල ප්‍රමාදය වළක්වා යුක්තිය පසිඳලීම ඉක්මන් කිරීමට යැයි හේතු දක්වමින්, ආණ්ඩුව විසින් කඩිමුඩියේ 22 ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් තිබේ.

නමුත්, ඒ ගැන සැකයක් සමාජ කතිකාවෙහි ඇත්තේ, නඩු 4000ක් පමණ එකතුවී ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පමණක් එම සංශොධනයේදී අරමුණු කරගැනීම නිසාය.

ඒ අනුව, 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විරෝධතා දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාග කිරීමට විනිසුරු මඩුල්ලක් අගවිනිසුරු විසින් පත්කර ඇත.

පළමු නිරීක්ෂණය නම් තමන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් කාරණයකට අදාළව යුක්තිය පසිඳලීමට තමන්ටම සිදුවී ඇති බවකි.

දෙවනුව, පෙත්සම් විභාගයට එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ අගවිනිසුරු හැරුණු කොට, අනෙකුත් සාමාජිකයන් සිවුදෙනා තෝරාගැනීමේදී ජ්‍යේෂ්ඨත්වය සලකා බලා නැත.

විනිසුරු අචල වෙන්ගප්පුලි – ජ්‍යෙෂ්ඨත්ව අනු පිළිවෙළ අනුව 6.

අර්ජුන ඔබේසේකර විනිසුරු සිටින්නේ ජ්‍යෙෂ්ඨත්වයෙන් 8 වන ස්ථානයේ.

සම්පත් බී. අභයකෝන් විනිසුරු ජ්‍යෙෂ්ඨත්වයෙන් 11.

ගිහාන් කුලතුංග විනිසුරු ජ්‍යෙෂ්ඨත්වයෙන් දහතුන් වැන්නා හෙවත් අන්තිමයා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ජ්‍යේෂ්ඨත්වය අනුව මෙසේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන

යසන්ත කෝදාගොඩ

දිලිප් නවාස්

ශිරාන් ගුණරත්න

ජනක් ද සිල්වා

අචල වෙංගප්පුලි

මහින්ද සමයවර්ධන

අර්ජුන ඔබේසේකර

සෝභිත රාජකරුණා

මේනක විජේසුන්දර

සම්පත් අභයකෝන්

සම්පත් විජේරත්න

කේ.එම්.ජී.එච්. කුලතුංග

යුක්තිය පසිඳලීමේ ආයතනවල යුක්තිය ගැන සැලකිලිමත්භාවයක් ඇති බව පෙන්නුම් කළ යුතුය.”

චන්දන සිරිමල්වත්ත
FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස