22ට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්… සභාපති අගවිනුසරු සූරසේන… යසන්ත කෝදාගොඩ නෑ…!

August 31, 2026 at 3:30 pm | by emanisa.lk

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (01) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ.

මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කර ඇත.

එම විනිසුරු මඩුල්ලේ සභාපති ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන තමාම නම්කරගෙන ඇති අතර අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග සාමාජිකයන් වෙති.

මෙම පෙත්සම් විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා සිටි අතර ළබැඳියාවන් අතර ගැටුමක් ඇති වන නිසා ඒ සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පත්නොකළ යුතු බවද ඉල්ලා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස