21 වන සංශෝධනය කැබිනට් මණ්ඩලයට…! ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව තහනම්…! රාජ්‍ය අංශයේ දූෂණ මඩින්න කොමිෂන් සභා දෙකක්…!

May 22, 2022 at 9:16 am | by emanisa.lk

21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

එහි අවසන් කෙටුම්පත සකස් කිරීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, නීතිපති, නීති කෙටුම්පත් සම්පාදක සහ තවත් නීතීඥවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ වී තිබේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනයටත් එහා ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ අඩංගු කොට ඇති බව පැවසෙන අතර එමගින් විගණන සේවා කොමිසමය සහ අනෙක ප‍්‍රසම්පාදන කොමිසම ලෙස තවත් ස්වාධීන කොමිෂන් සභා දෙකක් හඳුන්වා දී තිබේ.

විගණන කොමිසම සහ ප‍්‍රසම්පාදන කොමිසම මගින් රාජ්‍ය අංශයේ සිදුවන අල්ලස් ගැනීම සහ දූෂණ වංචා වැළැක්වීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සම්පාදනය වනු ඇති බව පැවසේ.

21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මහ බැංකු අධිපතිවරයා පත් කිරීමේ බලය පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව වෙත පවරා ඇති අතර ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු නියෝජනය තහනම් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *