2021 අපනයන ආදායම ඩොලර් බිලියන 15 ඉක්මවයි..! 2020ට සාපේක්ෂව 23%ක ඉහළ වර්ධනයක්…!

January 31, 2022 at 9:36 am | by emanisa.lk

2021 වසරේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයා ගෙන ඇති අතර එය 2020 වසරේ උපයන ලද ඇමරිකානු ඩොලර් බිලියන 12.34 හා සසඳන විට 23% ක වර්ධනයකි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේ දී භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5 උපයා තිබේ. එය 2021 වසරේ අපනයන ඉලක්කය අභිබවා යාමක් මෙන්ම 2020 වසරට සාපේක්ෂව 24% ක වර්ධනයකි.

2021 වසරේ මාස 8ක් තුළ දී මාසික වෙළෙඳ අපනයන ආදායම ඩොලර් බිලියනයේ සීමාව පසුකර තිබීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනය 2021 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 15.1 ක් උපයා ගනිමින් අපේක්‍ෂිත ඉලක්කය කරා ළඟා වීම පිළිබඳ ව අපනයනකරුවන්ට විශේෂයෙන් ස්තූති කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *