අගෝස්තු මස අපනයන ආදායම ඩොලර් මිලියන 1000 ඉක්මවයි…! පසුගිය අගෝස්තුවට සාපේක්ෂව 14.4% වර්ධනයක්….!

September 22, 2021 at 2:29 pm | by emanisa.lk

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයේ පසුබෑමක් මැද වුව ද, පසුගිය වසරට සාපේක්ෂව අගෝස්තු මාසයේ ඩොලර් බිලයන 01 ක ඉක්ම වූ අපනයන ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

2020 අගෝස්තු මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 947.2ක අපනයන ආදායමට සාපේක්ෂව 2021 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 1,083.56ක ආදායමක් උපයා ඇති අතර එය 14.4%ක වර්ධනයකි.

මේ වසරේ මාර්තු, ජුනි සහ ජුලි මාසවල ද ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 1,000ක අපනයන සීමාව පසුකර ඇත.

මේ ආර්ථික පදනම ස්ථාපිතව ඇත්තේ රට තුළ සහ ගෝලීයව කොවිඩ් 19 හේතුවෙන් පවතින සීමා කිරීම් තුළ වීම විශේෂිතය.

වැඩි ම අපනයන ආදායම ඇඟලුම් අංශයෙන් ලැබී ඇති අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 491.5 ක් වේ. එසේම තේ අපනයනයෙන් ඩොලර් මිලියන 116.78ක ආදායමක් ද රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 92.34 ක් ආදායමක් ද උපයා ඇත. ඩොලර් මිලියන 73.95ක පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *