2015 ජනවාරි විප්ලවේ සිද්ධ වුණේ රටේ වාසනාවට…! ඊට පස්සේ මං ජිනීවා ගිහින් රට බේරගත්තා….! – මංගල…

March 31, 2021 at 10:18 pm | by emanisa.lk

තමා විදේශ ඇමැති ධූරයට පත්ව පැය 72ක් ඇතුළත ජිනීවා ගොස් රටට එරෙහිව සම්බාධක පැනවීම වැළැක්වීමට කටයුතු කළ බව හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසයි.

“මාර්තු මාසයේ මේ එක්සත් ජාතීන්ගේ කොමිසමේ සභාගත කරා නම් ගොඩක් වෙලාවට අපේ රාජ්‍ය නායකයින්ට පිට රටකටවත් යන්න බැරි වෙනවා. සම්බාධක ජනතාවට නොආවවත් ප්‍රධානීන්ට එන්න තිබුණා.

සම්පූර්ණයෙන් ම අපේ රටේ ස්වෛරීයභාවය පිටරටවලට විකුණලා තිබුණ මොහොතක තමයි මේ රටේ සුළු කාලයකට හෝ වාසනාවකට 2015 ජනවාරි 8 වන දා මේ ආණ්ඩුව වෙනස්වුණේ. මාර්තු 3වන දාද කොහෙදෝ මම විදේශ ඇමති වුණා. පැය 72ක් ඇතුළත ජීනිවා ගියේ එවකට හිටපු කොමිසමේ ප්‍රධානියා හමුවෙන්න. එතුමාගෙන් ඉල්ලීම් කරා.

පළමු ඉල්ලීම තමයි කරුණාකරලා දැන් අලුත් ආණ්ඩුවක් තියෙන්නේ 2014 යෝජනාව අනුව කෙරෙන වාර්තාව ඊළඟ මාර්තු මාසයේ සභාගත කරන්න එපා… භයවෙන්න එපා අපේ අධිකරණය පවා ස්වාධීනව පත්කරනවා කියලා. දෙවැනි එක කිව්වා අපිට කල්දෙන්න ඊළඟ සැසිවාරය වෙනකල් අපේම යෝජනා සැප්තැම්බර් මාසයේ දී ගේනවා කියලා ඒ අයව කැමති කර ගත්තා.”

අද (31) පෙරවරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මංගල සමරවීර මහතා පවසා සිටියේ, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 30/1 යෝජනාවේ හැම වචනයක් ම දැනසිටි බවත් එය අනුමත කළ බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස