2005 රාජපක්ෂලා කොටි එක්ක ඩීල් දාලා රනිල් පරාද කළා..! නැත්නම් ලංකාව අද ලොව බලවත් රටක්…! – රාජ්‍ය ඇමැති චාමර සම්පත් අමරසූරිය..

September 12, 2022 at 6:09 pm | by emanisa.lk

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩභාරගන්නා අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙසේ පැවසීය.

“රට බංකොලොත් වෙලා රටේ ජනතාව ජිවන වියදම ඉහළ ගොස් ආර්ථික සුලි කුණාටුවෙන් බැට කන මොහොතක රාජ්‍ය අමාත්‍යවරුන් 37 ක් පත් කිරිම ගැන විපක්ෂය විවේචන එල්ල කරනවා. හැබැයි ඒ අයට අමතක වෙලා මේ සියලු රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනාම මේ තනතුරු බාරගත්තේ මන්ත්‍රි වැටුප පමණක් ලබාගෙන ජනතා සේවය කිරිමේ අදිටහනින් බව.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා සාර්ථක ප්‍රයෝගික දැක්මක් සහිත රටට අවැසි නායකයෙක් බව එතුමන් මේ කෙටි කාලය තුළ හොඳින්ම පෙන්වා දි තිබෙනවා.

දේශපාලන කුමන්ත්‍රණකරුවන් 2005 වර්ශයේදි ත්‍රස්ත්‍රවාදින් සමග ඩීල් දමා උතුරු පළාතේ ඡන්ද වර්ජනය නොකළා නම් 2005 වසරේ පැවති ජනාධිපතිවරණයෙ රනිල් වික්‍රමසිංහ මහාතාගේ ජයග්‍රහණය නියත බවත් එතුමන් එවකට ජනාධිපති ධුරයට පත් වුවා නම් ලංකාව ලෝකයේ ඉතා දියුණු බලගතු රාජ්‍යයක් වීමට ඉඩ තිබුණා.

ලබන 2023 වසරේ පෙබරවාරි මාසයෙන් පසු ජනාධිපති තුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහා මැතිවරණයක් කැඳවයි කියලා සමගි ජන බලවේගයේ අය දවල් හීන දකිනවා. ජනාධිපතිතුමා අපේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමට පොරොන්දු වුණා 22 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිමෙන් පසු කාරක සභා අවස්ථාවේදි පාර්ලිමේන්තුව පත් වි වසර 4 1/2 යන තුරු ජනාධිපතිවරයාට විසුරුවා හැරිමට නොහැකි බවට සංශෝධිත වගන්තියක් ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරන බව.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා අනුහස් ඇති නායකයෙක්. එතුමා ජනාධිපති වු පසුව ලෝකයේ දස දෙසින් ආධාර මෙරටට ගලා එන්න පටන් ගත්තා. එතුමා 2023 පෙර රට ආර්ථික අර්බුදයෙන් ගොඩගනු ඇතැයි මට නම් ඉරහඳ වගේ විශ්වාසයි.
බණ්ඩක්කා ප්‍රතිපත්තියෙන් මිදුනු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා වගේ කෙනෙක් අපේ නිදහස් පක්ෂයේ නායකත්වයට පත් වෙන්න අවශ්‍යයි. දයාසිරිලා, අමරවීරලා ශ්‍රි ලංකා නිදහස් පක්ශයේ නායකත්වය ගන්න දත කට මැදන් ඉන්නවා නම් අපි ඒ අයට මතක් කරන්න ඕන. පක්ෂයේ නායකත්වය ගන්න දේශාපාලන පරිනතභාවය වගේම අධ්‍යාපන සුදුසුකමත් ඉතා වැදගත් බව.”

– මාධ්‍ය ඒකකය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *