20 සම්මත කරගන්න ඉඩදෙන්න එපා! ගෝඨා පවතින නීතිය යටතේ වැඩකළ යුතුයි! – මංගල

September 15, 2020 at 10:12 am | by emanisa.lk

පාර්ලිමේන්තු බලය පවා ජනාධිපතිවරයාට ලියා දෙන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් තමා ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

20 වන සංශෝධනය ගෙන ඒමෙන් තහවුරු වන්නේ ගෝඨාභය රාජපක්ෂට රටේ නීතිය අනුව කටයුතු කළ නොහැකි බව යැයි ද ඔහු සඳහන් කළේය.

මෙය අලුත් ක්‍රිකට් නායකයෙකු පත්කළ පසු පවතින නීතිය අනුව ක්‍රීඩා කළ නොහැකි යැයි පැවසීම වැනි කරුණක් බව හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

නීතියේ රැහැනට හසු නොවී කටයුතු කිරීමට උවමනා අය මේ ආකාරයට නීතිය වෙනස් කිරීමට කටයුතු කරන බව ද මංගල සමරවීර වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස