20න් විධායකය ශක්තිමත් කිරීම නිසා පාර්ලිමේන්තව අඩපණ වුණා…! – රනිල්…

May 29, 2022 at 7:38 pm | by emanisa.lk

නව මුදල් නීති මාලාවක් සම්මත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (28) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුවට ඒ බලතල දීමට නම් දැන් තිබෙන නීති ශක්තිමත් කළ යුතු බවත් දැන් තිබෙන මුදල් නීති ද සලකා බලා අලුත් මුදල් නීති මාලාවක් සම්මත කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එක්සත් රාජධානිය, නවසීලන්තය,ඉන්දියාව වැනි රටවල් වල උදාහරණ ලබාගෙන මීට වඩා ශක්තිමත් සහ බලවත් මුදල් නීතියක් ඉදිරිපත් කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

20 වන සංශෝධනයෙන් පාර්ලිමේන්තුව දුර්වල කළ නිසාත් වැඩිපුර බලතල විධායකය ලබාගත් නිසාත් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අඩපණ වී තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා කීය.

යෝජිත 21 වෙනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලතල වැඩි වෙන නමුත් එයින් පමණක් සෑහීමකට පත්වන්නට නොහැකි බව කී අමාත්‍යවරයා රටේ ආණ්ඩු පාලනයට මුළු පාර්ලිමේන්තුව එකතු කරන ක්‍රමයක් මෙන්ම විනිවිදභාවය ඇති කිරීම සඳහා සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් කොමිටි වලට රැස්වී ප්‍රතිපත්ති වැඩසටහන් අනුව ක්‍රියා කිරීමට වාතාවරණයක් සකසන බවද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *