13 සම්පූර්ණයෙන් බලාත්මක කළ යුතුයි…! දෙමළ ජනතාවට එයත් මදියි..! – ජාතික ජන බලවේගය…

February 3, 2023 at 8:36 am | by emanisa.lk

ජාතික ගැටලුවට විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇති 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පවසයි.

කෙසේ වුව ද 13 වන ව්‍යවස්ථා සංශෝධනය ජාතික ගැටලුවට විසඳුමක් වේද යන්න පිළිබඳ සිය පක්ෂය තුළ සංවාදයක් ඇතැයි ද එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි 13 වන සංශෝධනය බලාත්මක කරයි ද යන්න පිළිබඳ විශ්වාසයක් නොමැති බවත් ආණ්ඩුව අවංක උවමනාවකින් දෙමළ ජනතාවගේ ගැටලුව සඳහා විසඳුම් ලබා දිය යුතු බවත් ඇය සඳහන් කරයි.

සෙසු පක්ෂ දෙමළ ජනතාවගේ ගැටලු විසඳනු ඇතැයි නොසිතන බවත් එය සිදු කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බවත් ආචාර්ය හරිනි අමරසූරිය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *