13 බලාත්මක කරන්න රනිල්ට ජන වරමක් නෑ…! – ගෙවිඳු…

January 17, 2023 at 11:13 am | by emanisa.lk

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංට ජනවරමක් නොමැති බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

රනිල් වික්‍රමසිංහ යනු ගෝඨාභය රාජපක්ෂට ලැබුණු 69 ලක්ෂයේ ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා පත් වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවයි, ඔහු අවධාරණය කළේ.

එම 69 ලක්ෂයේ ජන වරම ගෝඨාභය රාජපක්ෂට ලැබුණේ ජාතිවාදී පදනම මත ක්‍රියාත්මක වන පළාත් සභා වෙනුවට ත්‍රස්තවාදය පරාජය කළ රටට උචිත නව ව්‍යවස්ථාවක් සම්පාදනය උදෙසා බව ද ගෙවිඳු කුමාරතුංග ප්‍රකාශ කළේය.

එහෙයින් එම ජනවරමට පටහැනි 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ නැවත ජන වරමක් ලබා ගත යුතු බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *