13 වෙනි ව්‍යවස්ථාව අනුව ක්‍රීඩා සංගම් නිලවරණයක්වත් හරියට තියන්න බෑ….! – නාමල්….

January 18, 2021 at 10:35 am | by emanisa.lk

ක්‍රීඩා සංගම් නිලවරණවලට ඇඟිලි ගැසීමට ඇමැතිවරයා ලෙස තමන්ට කිසිදු අයිතියක් නැතැයි ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ පවසයි.

ඉදිරියේ දී සියලු පාර්ශ්වවල අදහස් ලබා ගෙන අනන්‍ය කීඩා පනතක් සැකසීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේ ය.

මේ රටේ ක්‍රීඩා සංගම් නිලවරණ පවත්වන්නේ පළාත් පාලන, පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව ආදී වශයෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව බවත් ක්‍රීඩාව සඳහා එය සුදුසු මොඩලයක් නොවන බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

ක්‍රීඩාවට අනුකූල ක්‍රීඩාවට සරිලන අලුත් ක්‍රමවේදයක් නව ක්‍රීඩා පනතින් හඳුන්වා දීමට කටයුතු කරන බව ද ක්‍රීඩා ඇමැතිවරයා අවධාරණය කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස