13 බලාත්මක කරල රට බෙදන්න අපි ඉඩතියන්නේ නෑ..! – ඉඳුරාගාරේ නාහිමි මහින්ද ඉදියේ තබා ගෙන සපථ කරයි..

January 28, 2023 at 10:22 pm | by emanisa.lk

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් අද (28) දැඩි විරෝධය ප්‍රකාශ කළේය.

නාරාහේන්පිට අභයාරාමයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එකතු වූ උත්සව අවස්ථාවක් අමතමින් උන් වහන්සේ මේ බව අවධාරණය කළහ.

‘‘අපේ තාත්තා රට, අපේ අම්මා, බුදුහාමුදුරුවෝ ඒක හින්දා හැමතැනම හැමදාම කිව්වා වගේ සම්බුද්ධ ශාසනය යත් කසාවතත්නම් මේක විතරයි.මේ රට විතරයි.

ඒක දෙකට කඩලා ඒක තුනට කඩලා 13 පූර්ණ වශයෙන් බලාත්මක කරලා ඉඩම් සහ පොලිස් බලතල දෙනවා නම් ඒකට විරුද්ධව හාමුදුරුවරුහෙටත් නැගිටින්න ලෑස්තියි.

බුදුහාමුදුරුවන්ගේ දේශනාව රකින එකම රට සම්බුද්ධ ශාසනයේ තියෙන මේ සම්බුද්ධ ශාසනයේ එකම රට ලංකාව ඒක කෑලි දෙකකට හෝ තුනකට හෝ කඩන්න හෝ කැඩෙන්න ඉඩ හරින්න නෑ. ඒකට අපි විරුද්ධයි. විරුද්ධයි ම තමයි. කැමති නෑ. කැමති නෑම තමයි. ඒකෙන් හොඳක් වෙන්නේ නෑ. වෙන්නේ නෑම තමයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *