13 බලාත්මක කරන්න හදන්නේ බලය රැකගන්න මිස ජනතා සේවයට නෙමෙයි..! – නැගෙනහිර ආණ්ඩුකාරවරිය.

February 1, 2023 at 11:55 am | by emanisa.lk

13 වන සංශෝධනය බලාත්මක කරන ලෙස දේශපාලනඥයින් මිස නැගෙනහිර ජනතාව කිසිදු අවස්ථාවක ඉල්ලීම්ක කර නැතැයි නැගෙනහිර ආණ්ඩුකාරිනී අනුරාධා යහම්පත් පවසයි.

දේශපාලනඥයින් 13 වන සංශෝධනය ඉල්ලා සිටින්නේ සිය බලය තහවුරු කර ගැනීමට මිස ජනතාවට සේවය කිරීමට නොවන බවයි, ඇය අවධාරණය කළේ.

ජනතාවට රට කොටක් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර ඔවුන් ඒ පිළිබඳ භීතියට පත්ව ඇති බව ද අනුරාධා යහම්පත් සඳහන් කරයි. නැගෙනහිර සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ඉතා ම සමගියෙන් ජීවත් වන බව ද ඇය පෙන්වා දෙයි.

මධ්‍යම ආණ්ඩුව, පළාත් සභා, පළාත් පාලන ආයතන ලෙස පරිපාලන ක්‍රමවේද කිහිපයක් සඳහා වියදම් දැරීම මේ රටේ ආර්ථික අර්බුදයට ද හේතුවක් බවයි, ආණ්ඩුකාරවරිය පැවසුවේ.

තමා ආණ්ඩුකාර ධූරයට පත්වූයේ 69 ලක්ෂයේ ජන වරම යටතේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ බව ද එහි 13 බලාත්මක කිරීම පිළිබඳ කිසිදු සඳහනක් නොතිබූ බව ද අනුරාධා යහම්පත් වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *