13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරනවා…! – ජනපති…

January 15, 2023 at 7:34 pm | by emanisa.lk

ඉදිරි වසර කිහිපය තුළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

යාපනයේ තෛපොංගල් ජාතික උත්සවයට අද (15) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“අපි බලන්නේ දැන් 13 වන ව්‍යවස්ථා සංශෝධන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න. ඒක උතුරේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. දකුණේ මහ ඇමතිවරුත් ඉල්ලනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා.

අද දිළිඳුකම, බඩගින්න, විරැකියාව, දෙමළ අයටවත් සිංහල අයටවක් සීමාවෙලා නැහැනේ. අපි ඔක්කෝම දුක් විඳිනවා. අපි ඔක්කෝම එකතුවෙලා ගොඩ එන්නට ඕනේ.

අද තියෙන්නේ උතුරේ ද්‍රවිඩ අයගේ ප්‍රශ්න විතරක් නෙමෙයි. තවත් ප්‍රශ්න තියෙනවා සාකච්ඡා කරන්න. කඳුකරයේ දෙමළ ජනතාව අපේ සම්පූර්ණ සමාජයට අන්තර්ගත කරන්න ඕන. සිංහල දෙමළ මුස්ලිම් අය විඳින අයිතිවාසිකම් හා සමාජයේ ලැබෙන භුක්තිය ඒ අයටත් ලබලා දෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *