ෆොන්සේකා අරගලයට සහය දීම භයානකයි..! එය අප අනතුරේ හෙළන කුමන්ත්‍රණයක් …! – අරගලකරුවෝ….

July 31, 2022 at 11:31 am | by emanisa.lk

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අරගලයට දින දීම ආණ්ඩුවේ කුමන්ත්‍රණවල එක් දිගුවක් පමණකැයි සර්වපාක්‍ෂික අරගලකරුවෝ පවසති.

එය පැහැදිලිවම අරගලකරුවන් අනතුරට ඇද දැමීමක් බවට අනතුරු අඟවන අරගලකරුවෝ, පුද්ගල චරිත වටා නොව ජනතාවාදී ජයග්‍රාහී සැලසුම් ඔස්සේ නැවත අරගලය පණ ගන්වන තෙක් පාලකයා දෙස විමසිලිවත්ව සිටින ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටිති.

සර්ව පාක්ෂික අරගලකරුවන් විසින් නිකුත් කළ එම නිවේදනයේ මෙසේද දැක්වේ.

“අරගලයේ සැබෑ ඉල්ලීම් ඉටුකරනවා වෙනුවට අරගලකරුවන් ඉලක්ක කරගත් රාජ්‍ය මර්දනයක් දියත් වෙමින් පවතින අතර, අරගලය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවට හුවා දැක්වීම සඳහා කුමන්ත්‍රණ භීතිය තම පංචායුධය කරගත් අවස්ථාවාදීන් බංකොලොත්, හිඟන දේශපාලන බත්බැලයන් කොන්ත්‍රාත් ක්‍රමයට කරළියට පැමිණ ඇති ආකාරය ද හාස්‍යජනකය.

උත්තරීතර නීතිය අවභාවිත කරමින් අරගලකරුවන් වෙත සිදුකරන අනීතික බලපෑම් සහ නෛතික වැටලීම් වහා නවතන ලෙසද අපි ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් බලකර සිටිමු. තව ද ව්‍යවස්ථාපිතව පුරවැසියන් වෙත හිමිව ඇති මූලික හා දේශපාලන අයිතීන් සීමා කිරීමට හා වැළැක්වීමට දරන උත්සාහයන්ද අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

මාධ්‍ය මෙහෙයුම් හා හමුදා සහ පොලිස් බලය යොදවමින් මහජන මතය නමැති රබර් බෝලය යට ගැසීමට දරන උත්සාහයන් අප මාතෘ භූමිය තවත් අඳුරු යුගයකට ඇද දැමීමට පෙරමං සකසන්නකි. එම නිසා පාලකයන් අරගලයේ සැබෑ උවමනාවන් වෙත තම අවධානය යොමු කරනවා මිස එය මර්දනය කිරීමට කටයුතු නොකළ යුතු අතර එවැනි මර්දනයන් සඳහා දරන සියලු උත්සාහයන් පරාජය කිරීමට ගත හැකි නෛතික හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමට ද සර්වපාක්‍ෂික අරගලකරුවෝ ලෙස අපි සක්‍රීයව කටයුතු කරමින් සිටිමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *