ෆොන්සේකා හදන්නේ ජනතාව කබලෙන් ළිපට දාන්න…! – සමන් රත්නප්‍රිය…

July 30, 2022 at 4:03 pm | by emanisa.lk

දේශපාලකයින් සිය පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට අරගලය අවභාවිත කරමින් ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

සුනිල් හඳුන්නෙත්ති සහ කේ.ඩී. ලාල්කාන්ත පසුගියදා ජනතාවට පාර්ලිමේන්තුව වැටලීමට එන්නැයි කියා එහි දී හමුදාව සහ ජනතාව අතර ගැටුමක් ඇති වූ බවත් ඒ අවස්ථාවේ නායකයින් පළා ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.

එම ගැටුම නිසා විනාශය සිදු වූයේ රටට සහ ජනතාවට බවත් සරත් ෆොන්සේකා නැවත අගෝස්තු 09 ජනතාව කැඳවන්නේ ද එවැනි විනාශයක් සඳහා ද යන ප්‍රශ්නය පැන නඟින බව රත්නප්‍රිය ප්‍රකාශ කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *