අගෝස්තු 09 රනිල් එළවන්න කොළඹ එන්න…! – ෆොන්සේකා…

July 27, 2022 at 9:04 pm | by emanisa.lk

ජීවත් වීමට නොහැකිව පාරට බැස්ස ජනතාව කැරලිකරුවන් යැයි හංවඩු ගසා මර්දනය කිරීම තිරිසන් ක්‍රියාවක් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා ප්‍රකාශ කළේ, අගෝස්තු 09 වෙනිදා රටේ ම ජනතාව සමග කොළඹට පැමිණ අරගලයේ අවසන් සටන ජයගැනීමට බලාපොරොත්තු වන බවයි.

දූෂිත දේශපාලකයින්ගෙන් සහ දූෂිත දේශපාලන සංස්කෘතියෙන් රට බේරා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.

අගමැති දිනේෂ් ගුණවර්ධන අරගලය විවේචනය කළ ද ඔහුට අගමැති පුටුව ලැබුණේ අරගලයට පිං සිද්ධ වන බවත් ඉදිරියේ දී ජනාධිපති පුටුව ද ඔහුට ලැබෙන්නට ඉඩ ඇති බවත් ෆොන්සේකා ප්‍රකාශ කළේය.

හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ විවාදයට අද (27) එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *