අරලිය මැදුරේ දී අරගලේට ගැහුවේ ෆොන්සෙකාගේ මිනිස්සු…!

July 14, 2022 at 1:24 pm | by emanisa.lk

අරලියගහ මන්දිරයේ දී තමන්ට පහර දුන්නේ කෑම පාර්සල් පිළිබඳ ප්‍රශ්නයක් නිසා නොවන බව ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමාජවාදී කලා සංගමයේ හිතවතෙකු සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් පවසා තිබේ.

එය සම්පූර්ණයෙන් ම අරගලයේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් නිසා ඇති වූ ගැටුමක් බවයි, ඔහු වීඩියොවත් නිකුත් කරමින් පවසන්නේ.

තමන්ට පහර දුන් පිරිස රටේ ජනාධිපතිවරයා සරත් ෆොන්සේකා විය යුතු බව ප්‍රකාශ කරමින් කටයුතු කළ බවත් විවිධ හේතු නිර්මාණය කරමින් සමාජවාදී කලා සංගමයේ පිරිස එම භූමියෙන් එළවා දැමීමට ඔවුන් උත්සාහ කළ බවත් හෙතෙම අනාවරණය කරයි.

එම පිරිස අලුයම 03ට පමණ පිහි පොරෝ රැගෙන භික්ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු සිය කණ්ඩායමට එළව එළවා පහර දුන් බවත් අයෙකුගේ බෙල්ල පිහියෙන් කැපූ බවත් ඔහු ප්‍රකාශ කරයි.

මෙම ගැටුම නිසා අරගලය වෙනුවෙන් සිය දරුවන් පවා වඩාගෙන එහි පැමිණ සිටි පිරිස මහත් කලකිරීමෙන් යුතුව අරලියගහ මන්දිර අරගල භූමිය අතහැර ගිය බවත් ඔහු එම වීඩියෝව මගින් වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *