ෆේස්බුක් බොරු පතුරුවනවා! අපි නම් බදියුදීන් හැංගුවේ නෑ! ජවිපෙ පොලිසිය යයි….

October 19, 2020 at 9:50 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට සැඟවී සිටීමට තමන් අනුබල නොදුන් බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ජන බලවේගයේ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රී ටුවාන් අයුබ් මොහොමඩ් පැමිණි කරමින් ලියූ ලිපියක් මගින් පවසන්නේ බදියුදීන් මන්ත්‍රීවරයා දෙහිවල සිය නිවසින් අත්අඩංගුවට ගත් බවට සමාජ මාධ්‍යවල පළ වන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බවය.

ඒ සම්බන්ධය ව්‍යාජ පුවත් පළකළ අයට දඬුවම් ලබා දෙන මෙන් අදාළ ලිපියෙන් ඉල්ලා තිබේ. ඔහු ගල්කිස්ස පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

මෙම ලිපිය ජවිපෙ නායක අනුර දිසානායක ද සිය ෆේස්බුක් ගිණුමෙහි පළකර තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස