හෙට (23) දිනයේ සිට මංතීරු නීතියේ වෙනසක් සිදු කිරීමට රථවාහන පොලිසිය තීරණය කර තිබේ. ඒ අනුව බස්රථවලට වෙන්කර ඇති වම්පස මංතීරුවේ හෙට සිට මගී ප්‍රවාහන බස්වලට අමතරව ධාවනය කළ හැක්කේ කාර්යාල සේවක බස් සහ වෑන් රථ, පාසල් ළමුන් ප්‍රවාහන බස් සහ වෑන් රථ පමණි.
මේ අතර යතුරුපැදි සහ ත්‍රිරෝද රථ බස් ප්‍රමුඛතා මංතීරුවෙන් ඉවත් කර ඇති අතර ඔවුන්ට ඇතුළත මංතීරුවල ගමන් කිරීමේ අවස්ථාව හිමි වේ.
කෙසේ වෙතත් මංතීරු වෙනස් කරමින් ගමන් කිරීම සඳහා කිසිදු රියදුරෙකුට අවස්ථාව ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න අද (22) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.