බස් ප්‍රමුඛතාව වෙනුවට කාර් ප්‍රමුඛතාව ඇවිල්ලා! සඳුදාට බස් වර්ජනයක් කැඳවයි!

September 18, 2020 at 3:22 pm | by emanisa.lk

එළඹෙන සඳුදා දින කොළඹ බස්රථ රියදුරන් බස් ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

මංතීරු නීතියට එරෙහිව එලෙස බස් ධාවනයෙන් ඉවත්වීමට කොළඹ බස්රථ රියදුරන් තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

මංතීරු නීතිය හේතුවෙන් බස් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්  බස් ප්‍රමුඛතා මංතීරුව දැන් අහෝසි වී කාර් ප්‍රමුඛතා මංතීරුව නිර්මාණය කර ඇති බවද  ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස