කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා රසායනික පොහොර අවශ්‍ය යැයි මින් පසු ප්‍රකාශ කළහොත් ඔහු එළවා දමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
වත්මන් පොහොර ගැටලුව පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයයේදී ඊයේ (22) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීවේය.
එහි දී පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන් දෙදෙනකු රැස්වීමෙන් ඉවත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.
මෙරට ගොවිතැනට අවශ්‍ය පොහොර ප‍්‍රමාණය සම්බන්ධයෙන් කළ විමසීමක දී ඔවුන් දෙදෙනා සතුව එම තොරතුරු නැති වීම හේතුවෙන් ජනාධිපතිවරයා ඔවුන් සභාවෙන් ඉවත් කළේය.
සභාවෙන් පිටව ගොස් අදාළ තොරතුරු විමසා දැන ගෙන එන්නැයි ජනාධිපතිවරයා ඔවුනට දැන්වී ය. එසේ දැන්වීමෙන් පසු සභාවේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටි ඔවුන් සභාවෙන් නැගිට යනු දක්නට ලැබිණි.