හිස්බුල්ලා හකීම් විතරක් නෙමෙයි අතාවුල්ලත් අන්තවාදීන්ට උදව් කළා! – හිටපු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති ජනපති කොමිසමට කියයි..

September 14, 2020 at 1:02 pm | by emanisa.lk

නැගෙනහිර මුස්ලිම් අන්තවාදයට එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, රිෂාඩ් බදියුදීන් පමණක් නොව ඒ.එල්.එම් අතාවුල්ලාගේ ද සහයෝගය ලැබුණු බව නැගෙනහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩ්වින් ගුණතිලක අනාවරණය කොට තිබේ.

2008-2009 කාලය වන විට කොටි සංවිධානයට එරෙහිව සටන් කරන මුවාවෙන් බොහෝ මුස්ලිම් අන්තවාදී කල්ලි නැඟෙනහිර ගොඩනැඟුණු බව ද ඒ පිටුපස ජිහාඩය ක්‍රියාත්මක වූ බව ද හෙතෙම හෙළිදරව් කළේය.

එම කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමේ දී බදියුදීන්, හිස්බුල්ලා මෙන් ම අතාවුල්ලා ද තමන්ට බලපෑම් එල්ල කළ බව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණය කළේය.

ඒ තිදෙනාම 2015 වන තෙක් බලයේ සිටි මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍ය ධූර දැරූ බව ද ඔහු පෙන්වා දී තිබෙයි.

එඩ්වින් ගුණතිලක මෙම කරුණු අනාවරණය කොට තිබෙන්නේ අප්‍රේල් 21 පාස්කු ඉරුදින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමිනි.

ඒ.එල්.එම් අතාවුල්ලා මෙවර මහා මැතිවරණයේ දී ජාතික කොංග්‍රසය නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික්කයට තරගකොට පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින අතර ඔහු පාලක පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සන්ධානගත පාර්ශවයකි.

කෙසේ වුවද පහුගිය යහපාලන ආණ්ඩුවට අතාවුල්ලා එකතු නොවූ අතර ඔහු ඊට එරෙහිව ක⁣ටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස