කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතර තුර කාන්තාවක අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව සංවිධානය කොට තිබිණි.
කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය කළ මෙම විරෝධතාව එක්සත් ජාතින්ගේ කාර්යාලය ගොස් එතැනින් මල්පාර දෙසට ගමන් කර ඇති අතර එහි දී එක් කාත්වක් අත්අඩංගුවට ගෙන ඇත.
ඊට විරෝධය පා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර විය.
එහි දී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කතුන් 15ක් අත්අඩංගුවට ගෙන ඇත.