ඔක්තෝබර් අග දේශපාලන සුනාමියක්…! ගෝඨා වගේ ම රනිලුත් ගෙදර…!

September 30, 2022 at 7:35 pm | by emanisa.lk

ඔක්තෝබර් මස අවසානයේ දේශපාලන සුනාමියක් පැමිණ දූෂිත දේශපාලනඥයින් මුලිනුපුටා දමනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

සමගි කාන්තා බලවේගයේ නායිකා ප්‍රේමචන්ද්‍ර පෙන්වා දෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ද හිටපු ජනාධිපතිවරයාට අත් වූ ඉරණම උරුම වනු ඇති බවයි.

පසුගිය අරගලයට වීදි බැස්සේ මධ්‍යම පන්තිය බවත් ඊළඟ අරගලයට නායකත්වය ලබා දෙන්නේ දුප්පත ජනතාව බව ද ඇය සඳහන් කළාය.

පසුගිය අරගලයේ මෙන් ම මෙවර ද එහි ප්‍රධාන භූමිකාවක් නිරූපණයට කාන්තාවන් සූදානම් බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අවධාරණය කළාය.

අද (30) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *