ජනතාවගේ වේදනාව පිට කිරීම අයිතියක්…! අරගලකරුවන්ට පොදු සමාවක් දෙන්න…! – පාඨලී…

August 6, 2022 at 9:42 am | by emanisa.lk

අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන තමා ජනාධිපතිවරයාගෙන් ද අගමැතිවරයාගෙන් ද ඉල්ලා සිටි බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ජනතාව තම ජන ජීවිතය කඩා වැටීම නිසා ක්‍රියාත්මක කළ සිය අයිතියක් බවත් එම සිද්ධි දාමය අතීතයට අයිති දෙයක් ලෙස සැලකිය යුතු බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

රට බංකොලොත් කළ දේශපාලකයින්ට සහ නිලධාරීන්ට දඬුවම් නොකර ඒ නිසා වේදනාවට පත් පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ බව ද හෙතෙම සඳහන් කළේය.

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද අරගලකරුවන්ට පොදු සමාවක් ඉල්ලා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *