වෙඩි නොකා මේ මෝඩ අරගලය දැන්වත් නවත්තපල්ලා…! ඒකේ පාලනය අපේ අතින් රාජපක්ෂලාට ගිහින් ඉවරයි…! – හිරුණිකා…

April 6, 2022 at 1:50 pm | by emanisa.lk

මෙතෙක් කල් ඉතා ම සාර්ථක ලෙස සිදුකළ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරය මේ වන විට පාලනයෙන් බැහැරව අයාළේ යමින් ඇතැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

මේ වන විට උද්ඝෝෂකයින් වීදි බැස සිංදු කියමින් සෙල්ෆි ගසමින් සිනාසෙමින් ඇතැයි ද එය අරගලයක් නොවන්නේ යැයි ද ඇය සඳහන් කරයි.

ගාමිණී ලොකුගේගේ හෝ රොෂාන් රණසිංහගේ ගෙදරට පහර දීම අරගලයක් නොව නීති විරෝධී හිංසනයක් බවත් ඊට සහභාගී පිරිස අත්අඩංගුවට ගත් පසු ඇපත් නොලැබෙනු ඇතැයි ද හිරුණිකා අනතුරු අඟවයි.

වහා ම මෙම ඩෝඩ රැල්ල නතර කරන ලෙසත් එය තව සතියකට වඩා නොපවතිනු ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ රට පුරා හමුදාව යෙදවුවහොත් කිසිවෙකුට නිවසින් එළියට යාමට නොහැකි වනු ඇතැයි ද පිරිසකට වෙඩි කෑමට සිදුවනු ඇතැයි ද ඇය අනතුරු අඟවයි.

මෙම අරගලය ජනතාව ආරම්භ කළේ මහජන දේපළ සොරා කෑ රාජපක්ෂවරුන්ට එරෙහිව වුව ද මේ වන විට පිරිස් යොදවා එහි පාලනය රාජපක්ෂලා අතට අරගෙන ඇති බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කරයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය මේ බව අනාවරණය කරයි.

වීඩියෝව

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *