හිඟුරාණෙන් කොරෝනා ආසාදිතයෙක්!

July 29, 2020 at 7:04 pm | by emanisa.lk

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ ඔහුවට දෙවන වරට සිදුකළ පීසීආර් පරීක්ෂණයෙන් මෙය තහවුරු වී ඇත.

ඒ අනුව ඔහු ඇසුරු කළ හිගුරාණ මුවන්ගොල ග්‍රාම 08 ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් ඊයේ සිට නිරෝධායනය කිරිමට පියවර ගෙන ඇත. ඔවුන් සියලු දෙනා පීසීආර් පරීක්ෂණයට ලක් කිරිමට නියමිතය.

කෙසේවෙතත් මේ දක්වා කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන කිසිවෙකු ප්‍රදේශයෙන් වාර්තා වී නොමැත. ඒ නිසා ප්‍රදේශය හුදෙකලා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස