“හැසිරීම හාස්‍යජනකයි..” සජබෙ ඉල්ලීමට ශ්‍රීලනිපය පයින් ගසයි…!

December 6, 2021 at 5:59 am | by emanisa.lk

ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට එක්වී පොදු න්‍යාය පත්‍රයක් යටතේ කටයුතු කිරීමට සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක කළ ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත දමා ඇත.

වත්මන් දේශපාලනයේ දී සමගි ජන බලවේගය කටයුතු කරන හාස්‍යජනක ආකාරය සැලකිල්ලට ගනිමින් ශ්‍රීලනිපය ඒ සඳහා කිසිදු සැලකිල්ලක් නොදැක්වීමට තීරණයක් ගෙන තිබේ.

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළේ ශ්‍රීලනිපයට සමගි ජන බලවේගය හා එක්වී විපක්ෂයේ පොදු න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *