සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ එම පක්ෂයේ උප සභාපති හරීන් ප්‍රනාන්දු අතර මේ වන විට උද්ගත වී තිබෙන උග්‍ර මත ගැටුම මේ වන විට සමගි ජන බලවේගය අවුල් ජාලයක් බවට පත්ව ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
දෙපාර්ශවය අතර උද්ගත වී ඇති මෙම ගැටුම සමතයකට පත් කිරීමට සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසට ද නොහැකි වී තිබෙන අතර දෙදෙනාට එරෙහිව දෙදෙනා ම විපක්ෂ නායකවරයාට ගතු කියමින් ඇත.
කොළඹ හයිඩ් පිටියේ මේ මස 15 වැනි දා පැවැත්වීමට නියමිත සමගි ජන බලවේග පළමු මහා සංවත්සරයේ සියලු ම සංවිධාන සහ ප්රචාරක කටයුතු පක්ෂයේ උප සභාපති හරීන් ප්‍රනාන්දුට භාර කළ ද පක්ෂ සභාපති සරත් ෆොන්සේකා ඒ සඳහා ඇඟිලි ගසමින් සිටියි.
කෙසේ නමුත් එම නියෝග පිළිගැනීම සහ ක්‍රියාත්මක කිරීම හරීන් ප්‍රනාන්දු තරයේ ප්‍රතික්ෂේප කරමින් සිටියි.
මෙම අර්බුදය නුදුරේ දී ම පුපුරා ගොස් දෙදෙනා එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගනිමින් ප්‍රසිද්ධියේම බැණ අඬා ගසා ගනු ඇතැයි එම පක්ෂයේ ඇතැම්හු අනාවැකි පළ කරති.
පක්ෂ සභාපති ධුරය සරත් ෆොන්සේකාට ලබා දීමට එහි බහුරයක් එරෙහි බව ද හරීන් ප්‍රනාන්දු ගම්පහ දේශපාලනයට නැවත සම්බන්ධ වීමට සරත් ෆොන්සේකා විරුද්ධ බවත් ගැටුම්වලට හේතුව මෙවා බව ද දැන ගන්නට තිබේ.