මෙවරත් ලාල්කාන්ත එළියේ! මාළිමාවේ මන්ත්‍රීකම හරිනිට!

August 12, 2020 at 4:55 pm | by emanisa.lk

මෙවර මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සදහා ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය පත්කර තිබේ.

ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලය විසින් මෙම තිරණය ගත් බව එම පක්ෂය අද නිවේදනය කළේය. මෙම තීරණය මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දුන් බවද ජාතික ජනබලවේගය සදහන් කරයි.

මෙවර මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරය ද ඇතුළත්ව පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ආසන 03 ක් හිමිවිය.

2015 ජවිපෙට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා පරාජිත අපේක්ෂකයකු වන සුනිල් හඳුන්නෙත්තිට ලැබුණු අතර මෙවර එම අවස්ථාව කේ.ඩී. ලාල්කාන්තට හිමිවිය යුතු බව ඇතැමුන් පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *