හරවා යැවූ චීන පොහොර නැව ආයෙමත් කොළඹ වරායට එයි…! විෂ රසායනික නෑ කියා මග දී තහවුරු වුණාලු…!

October 23, 2021 at 1:35 pm | by emanisa.lk

අහිතකර බැක්ටීරියා අඩංගු යැයි තහවුරු වීමෙන් පසු ප්‍රතික්ෂේප කරන ලද පොහොර රැගත් චීන සමාගමේ පොහොර නෞකාවක් ඊයේ රාත්‍රියේ දී කොළඹ වරායට ඇතුළු වී ඇතැයි වාර්තා වේ.

ඒ බව චීන සමාගම් විසින් ආණ්ඩුවේ බලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

අදාල පොහොර විෂ ද‍්‍රව්‍ය අඩංගු වෙන්නේ නැතැයි නැවතත් සිදුකරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවත් ඇති නිසා එම පොහොර තොගය නැවත ගෙනවිත් ඇතැයිද එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

ඊට අදාළ ලිපි ලේඛනද සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන බව ද සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස