දෙවරක් ෆේල් වූ චීන පොහොර නැව ආයෙමත් ලංකාවට…!

October 15, 2021 at 8:38 am | by emanisa.lk

මෙතෙක් අනුමැතිය නොලැබුණු කාබනික පොහොර තොගයක් රැගත් හිපෝ ස්පිරිට් (Hippo Spirit) නම් චීන නෞකාව නැවත වතාවක් ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් සිටින බව වාර්තා වේ.

එමගින් ගෙන් වූ කාබනික පොහොර සාම්පල ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වීමත් සමග මෙම නෞකාව සිංගප්පූරුව වෙත හරවා යැවිණි. මෙම නෞකාව පසුගිය ඔක්තෝබර් 12 වැනිදා සිංගප්පූරුවට ළඟා වී නැවත 13 වැනිදා පස්වරුවේ සිංගප්පූරුවෙන් පිටත්ව ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරන හිපෝ වෙසල් නෞකාව ඔක්තෝබර් 19 හෝ 20 වැනිදා ශ්‍රී ලංකාවට ළඟාවනු ඇතැයි වාර්තා සඳහන් කරයි.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසන්නේ අදාළ නෞකාව යළි මෙරටට පැමිණෙනවා ද නැද්ද යන්න පිළිබඳව තමා නිවැරැදිව නොදන්නා බවත් එවැනි සිදුවීමක් පිළිබඳව තමාට ද වාර්තා වී ඇති බවත්ය.

චීන තානාපති කාර්යාලය මෙයට පෙර නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ සිය සමාගමේ පොහොර පිළිබඳ ලංකාවේ සිදුකළ පරීක්ෂණය විද්‍යාත්මක නොවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *