හම්බන්තොට වරාය නැවත ලංකාවට ම පැවරීම හැර විකල්පයක් නෑ….! එසේ නොවුණොත් වෙන දේ හිටපු වරාය සභාපති හෙළි කරයි….!

February 2, 2021 at 4:24 pm | by emanisa.lk

හම්බන්තොට වරාය ගොඩනැඟුවේ නිෂ්පාදනය සහ සේවා සැපයුම් වෙනුවෙන් බව වරාය අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම පවසයි.

ඒ අනුව හම්බන්තොට වරාය ආශ්‍රිතව භාණ්ඩ නිෂ්පාදනය, වටිනාකම එකතු කිරීම කළ යුතු බවත් එම කොටස නොමැතිව හම්බන්තොට වරාය සක්‍රීය කිරීමට නොහැකි බවත් ආචාර්ය ප්‍රියත් බන්දු පෙන්වා දෙයි.

වරාය ලබා දීමේ දී ඒ ආශ්‍රිත ඉඩම් නියම ලෙස කළමනාකරණය කර නොමැති බවත් වරාය හතර මායිම් පවා නිවැරදි ලෙස හඳුනා නොගෙන එය විකුණා දමා ඇති බවත් ඔහු සඳහන් කරයි.

හම්බන්තොට වරාය ඉදිකිරීමේ සමස්ත අරමුණ මේ නිසා ගිළිහී ඇති බවත් චීන සමාගමට ද එම සැලැස්ම නොමැතිව වරාය පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ද හිටපු වරාය සභාපතිවරයා ප්‍රකාශ කරයි.

එහෙයින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග එකතු වී කටයුතු නොකර චීන සමාගමට පවා කටයුතු කළ නොහැකි බව ඔහු වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස