ආරක්ෂක අමාත්‍යංශය කළ ඉල්ලීම මත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙලෙස සමාජ මාධ්‍ය අත්හිටුවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර්, යු ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා කිහිපයක ක්‍රියාකාරිත්වයට මෙම තාවකාලික අත්හිටුවා තිබේ.
අද ආණ්ඩුවට එරෙහිව ජනතාව පාරට බැස්ස වීම සඳහා ප්‍රචාරණ කටයුතු සිදු කෙරුණේ සමාජ මාධ්‍ය ඔස්සේ ය.
ජනාධිපතිවරයා මිරිහාන සිද්ධියෙන් අනතුරුව නැවත හදිසි නීතිය බලාත්මක කිරීමට ද ඊයේ (02) සිට හෙට (04) උදෑසන දක්වා ඇඳිරි නීතිය බලාත්මක කිරීමට ද කටයුතු කළේ ය.