පොලු මුගුරු රැගත් ප්‍රචණ්ඩ ප්‍රහාරයක් ගැන දැනුම් දී නෑ…! ජනපතිගේ ජීවිතේ අනතුරේ දැමූ බුද්ධි අංශ ෆේල්…!

April 1, 2022 at 8:17 pm | by emanisa.lk

ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ආර්යාවගේ ජීවිතවලට තර්ජනයක් ඇති බවට බුද්ධි අංශ මගින් පූර්ව දැනුම් දීමක් සිදුකර නැතැයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

එසේම, ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවස අසල උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පමණක් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබුණ ද, ඔවුන් පොලු මුගුරු රැගෙන ප්‍රචණ්ඩකාරීව හැසිරෙන බවට දැනුම්දීමක් කර නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අනුව මිරිහාන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමේ දී බුද්ධි අංශ අසමත්ව ඇති හෙයින් එම අංශවල ප්‍රසංස්කරණයක් ද සිදුවිය යුතු බව ද ඔහු පැවසීය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේදී සිදු වූයේ මෙහි අනෙක් පැත්ත බවත්, බුද්ධි අංශ තොරතුරු ලබා දී තිබිය දී ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීම එහිදී සිදුවූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ අද (01) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *