ජනාධිපති මිරිහාන නිවසේ සිටීම කරදරයක්…! වහාම ජනාධිපති මැදුරට යා යුතුයි..! – අනුර..

November 20, 2021 at 2:18 pm | by emanisa.lk

රට වටේ ඇති ජනපතිවරයාගේ නිල නිවාසවලට ජනාධිපතිවරයා එක දිනක් හෝ ගොස් නැති බවත් ඒවා අද ප්‍රයෝජනයට ගන්නේ යාළු මිත්‍රයන්, ගජ මිත්‍රයන් පමණක් බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

අද (20) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව පැවැසීය.

ජනපතිවරයාගේ නිල නිවාස රට පුරා හත අටක් ඇති බව ද හෙතෙම සඳහන් කළේය. ජනාධිපතිවරයා මිරිහානේ තමන්ගේ නිවසේ පදිංචිව සිටීම හොඳ වුවත් තමා කැමති ඔහු ජනාධිපති නිවෙසට යන එක බව පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා මිරිහානේ නිවසේ සිටීම ඒ අවට පදිංචිකරුවන්ට හිරිහැරයක් බව ද සදහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

ජනාධිපති සිටින නිසා පොලිසිය යොදවා ඒ අවට නිතර නිතර පරීක්ෂා කිරීම් සිදුකරන හෙයින් ජනතාවට හිරිහැර සිදුවන බවත් කුඩා කුඩා ව්‍යාපාරවලට පවා මෙමගින් විශාල බලපෑමක් ඇති වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *