ජනපති නිවස වැටලු පිරිසට ජල සහ කඳුලු ගෑස් ප්‍රහර…! පොලිසියට ගල් මුල් ප්‍රහාර…!

April 1, 2022 at 5:37 am | by emanisa.lk

මිරිහාන නුගේගොඩ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසට යන මාර්ගය වසමින් විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන්ට අධි පීඩන ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලිසිය විසින් මෙම ප්‍රහාරය එල්ල කරමින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කරද්දී විරෝධතාකරුවෝ ද පොලිසියට ගල් මුල්වලින් පහර දුන්හ.

ගෑස්, ඉන්ධන, විදුලිය අර්බුදවලට විසඳුම් ඉල්ලමින් මෙම පිරිස විරෝධතාවයේ නියැලුනහ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *