ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් හැර සෙසු මන්ත්‍රීවරු 4 දෙනා ම 20 වෙනි සංශෝධනයට පක්ෂ විය.
සමගි ජන බලවේගය සමග එක්ව තරඟ වැදුණු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මෙවර පාර්ලිමේන්තුවේ ආසන 05ක් හිමි විය.
පක්ෂ නායක රවුෆ් හකීම් හැර නසීර් අහ්මඩ්, ෆයිසාල් කසීම්, එච්.එම්.එම්. හාරිස්, එම්.පී. තවුෆික් යන මන්ත්‍රී පිරිස 20 වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.