සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් වෙයි! කලාකරුවන්ට නොමිලේ රක්ෂණාවරණයක්!

November 25, 2020 at 5:25 pm | by emanisa.lk

සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක් හඳුන්වාදීමේ පළමු අදියර ක්‍රියාත්මක කරමින්, රක්ෂණාවරණයක් ලබාදීම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කර තිබේ.

මෙම ප්‍රේක්ෂා රක්ෂණ ක්‍රමය ඔස්සේ සුදුසුකම් සපිරූ වෙිදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය, නාට්‍ය නිෂ්පාදනය, රංගනය, අංග රචනය, පසුතල නිර්මාණය, රංගාලෝකය, රංග වින්‍යාසය, රංග වස්ත්‍ර නිර්මාණය, නාට්‍ය සංගීතය, වේදිකා කළමනාකරණය යන අංශවල නියුතු වයස අවුරුදු 35-75 අතර නාට්‍යවේදීන්ට රක්ෂණාවරණයක් සැපයේ.

මෙම රක්ෂණාවරණය සඳහා රක්ෂණලාභීන්ගෙන් කිසිඳු මුදලක් අය නොකරන අතර නාට්‍ය ක්ෂේත්‍රය තුළ ලබා ඇති ප්‍රවීණතාව සහ ජ්‍යේෂ්ඨත්වය අනුව මේ සඳහා ප්‍රමුඛතාව ලබා දේ. මෙම රක්ෂණාවරණය සඳහා ජාතික මට්ටමේ සම්මාන හිමි කරගනිමින් අයඳුම් කරන දිනට ආසන්න වශයෙන් වසර 05ක් සක්‍රීයව නාට්‍ය ක්ෂේත්‍රයේ නියුතු අයට සහ අයදුම් කරන දිනට ආසන්න වශයෙන් වසර 10කට නොඅඩු කාලයක් නාට්‍ය ක්ෂේත්‍රයේ නියුතු අයට දායක විය හැකිය.

“ප්‍රේක්ෂා රක්ෂණාවරණය” සඳහා අයදුම්පත් www.towerhall.lk වෙඩ් අඩවියෙන් බාගත කළ හැකි අතර, තම අයදුම්පත් 2020 දෙසැම්බර් 11 වන දිනට පෙර අධ්‍යක්ෂ ජනරාල්, ටවර් හෝල් රඟහල පදනම, අංක 123, සව්සිරිපාය, විජේරාම මාවත.

අගමැති මහින්ද රාජපක්ෂ සහ ඇමැති විදුර වික්‍රමනායකගේ උපදෙස් අනුව මෙම රක්ෂණාවරණය ක්‍රියාත්මක වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස