මම මහජන බැංකුවෙන් ණයක් ගත් පුවත බොරුවක්! – ජගත් මනුවර්ණ පවසයි. (video)

September 17, 2019 at 8:11 pm | by emanisa.lk

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මහජන බැංකුවෙන් ලක්ෂ 80ක ණය මුදලක් ගෙන පැහැර හැරීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි සමාජමාධ්‍යවල පැතිර ගිය පුවතෙහි කිසිදු සත්‍යයතාවක් නැතැයි රංගන ශිල්පී ජගත් මනුවර්ණ පවසයි.

ජාතික ජනවේගය සමග එක්ව ජනනියමු කලාකරුවන් ගෙන යන වැඩපිළිවෙළට බියට පත්වීම නිසා මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කර බෙදා හරින බව හෙතෙම පවසයි.

තමා මහජන බැංකුවෙන් ණය මුදලක් ගැනීමට තබා ඊට ගොඩ වී හෝ නොමැති බවත් මෙවැනි ප්‍රචාරවලින් තමා නිහඬ කළ නොහැකි බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස