බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි සෞදි අරාබි ජාතික දින උත්සවය සඳහා සහභාගී වී තිබේ.
සෞදි ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කාර්යාලය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ පැවැති එම උත්සව අවස්ථාව සඳහා ඥානසාර හිමිට ආරාධනා කර තිබේ.
මුස්ලිම් අන්තවාදයට එරෙහිව කටයුතු කරන ඥානසාර හිමි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ එක රටක් එක නීතියක් කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.