සෞඛ්‍ය අධ්‍යක්ෂගේ අනුමැතිය නැතිව සංචරණ සීමා දාන්න බෑ….!

January 17, 2021 at 11:25 am | by emanisa.lk

කිසිදු ආයතනයක් වසා දැමීම, ප්‍රදේශ වසා දැමීම සහ සංචරණ සීමා පැනවීම තමාගේ අනුමැතියකින් තොරව සිදුකළ නොහැකි බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සියලු පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී තිබේ.

කිසිදු පදනමක් නොමැතිව ආයතන සහ ප්‍රදේශ වසා දැමීම සහ සංචරණ සීමා පැනවීම නිසා ජනතාව මහත් අපහසුතාවට පත්වන බවට පැමිණිලි ලැබීම මෙම තීන්දුවට හේතු වී ඇත.

මෙවැනි අත්තනෝමතික කටයුතු නිසා කොරෝනා මර්දනයට ජනතාව ලබා දෙන සහයෝගය අඩු වීමේ හැකියාවක් ඇතැයි ද සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *